• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාරාහේන්පිට, හත්බෝධියවත්ත නමැති ඉඩමේ පිහිටි අඩු පහසුකම් සහිත ජනාවාසයේ පදිංචි පවුල් සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස ලබා දී එකී ඉඩම සංවර්ධනය කිරීම
- නාරාහේන්පිට, කිරුළ ග්‍රාම නිලධාරි වසමේ පිහිටි හත්බෝධියවත්ත නමැති අක්කර 01 රූඩ් 03 පර්චස් 10ක් වන රජයට අයත් ඉඩමේ කොටසක අඩු ආදායම්ලාභී ජනාවාසයක් පවතින අතර වර්ෂා කාලයේදී එකී නිවාස නිරතුරුවම ආපදාවන්ට ලක් වේ. එම ජනාවාසයේ පදිංචි පවුල් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලැබ ඇති නිවාස යෝජනා ක්‍රමවලින් විකල්ප නිවාස ලබා දීමට ‌යෝජනා වී ඇත. ඒ අනුව, එකී ඉඩමේ පදිංචිකරුවන් වෙත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ ඉදි කරන ලද නිවාස යෝජනා ක්‍රමවලින් නිවාස ලබා දීමටත්, ඉන් අනතුරුව, එකී ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.