• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අංගොඩ, මණ්ඩාවිල, ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක සින්නක්කර පදනම මත විකිණීම
- නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද නිවාස ඒකක 500කින් සමන්විත අංගොඩ, මණ්ඩාවිල, ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාසවල භුක්තිය 2018 වර්ෂයේදී නිවාසලාභීන් වෙත භාර දී ඇත. එකී නිවාසවලට අදාළ සියලුම ගෙවීම් නිරවුල් කරනු ලැබ ඇති නිවාසලාභීන්ට සහාධිපත්‍ය හිමිකම් නීතිය අනුව සින්නක්කර ඔප්පු ලබා දීමටත්, අනෙකුත් නිවාසලාභීන් විසින් අදාළ ගෙවීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සින්නක්කර ඔප්පු ලබා දීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.