• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සඳහා උපදේශක මණ්ඩලයක් පත් කිරීම
- අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව මඟින් ඉටු කරනු ලබන කාර්යයන් වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා අඛණ්ඩ අධීක්ෂණයක් සහ පසු විපරමක් අවශ්‍ය බැවින්, ඒ සඳහා උපදේශක මණ්ඩලයක් පත් කරන ලෙස 2023 06 09 දින පැවති රජයේ ගිණුම් කාරක සභා රැස්වීමේදී නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වය යටතේ සහ අනෙකුත් අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් සහ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව යෝජිත උපදේශක මණ්ඩලය පත් කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.