• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලලිත් එල්ලාවල මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. ඊට අදාළ මූලික පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් විධිමත් පරිදි පිළියෙල කර ඇති අතර ඒ සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6)හි විධිවිධාන පරිදි අදාළ පනත් කෙටුම්පත නිර්දේශ කරමින් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.