• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමථකරණය තුළින් ඇති වන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීමේ පනත් කෙටුම්පත
- එක්සත් ජාතීන්ගේ සමථකරණය තුළින් ඇති වන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම පිළිබඳ සම්මුතිය (සමථකරණය පිළිබඳ සිංගප්පූරු සම්මුතිය) දේශීය වශයෙන් බලාත්මක කිරීමට අදාළව නීති සම්පාදනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022 10 25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.