• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සඳහා සංශෝධන
- සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම, සමථ මණ්ඩල බල ප්‍රදේශ සම්බන්ධයෙන් වන විධිවිධාන සංශෝධනය කිරීම හා තවත් අදාළ සංශෝධන කිහිපයක් හඳුන්වා දෙමින් 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස 2023 02 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.