• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගොඩනැංවීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත මෙගාවොට් 1-5 අතර ධාරිතාවයකින් යුත් මෙගාවොට් 70ක් දක්වා සූර්ය ප්‍රකාශ වෝල්ටීයතාව සහිත බලාගාර ස්ථාපිත කිරීම
- ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නිමැවුම් බල ඒකක මෙගාවොට් 70ක (70MW, AC) ධාරිතාවයකින් යුත් භූමිය මත සවි කළ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (Photovoltaic - PV) බලාගාර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නිමැවුම් බල ඒකක මෙගාවොට් 1-5 අතර ධාරිතාවයකින් (1-5MW, AC) ගොඩනැංවීමේ, අයිතිය දැරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත වසර 20ක මෙහෙයුම් කාලසීමාවක් සහිතව ග්‍රිඩ් උපපොළවල් 11කට සම්බන්ධ කිරීමට හැකි වන පරිදි ස්ථාපනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් අදාළ යෝජනා ඇගයීමෙන් අනතුරුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව අම්පාර, අනුරාධපුර, ගාල්ල, හබරණ, කුරුණෑගල, මාදම්පෙ, මහව සහ මාතර ග්‍රිඩ් උපපොළවල් 08 සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ආයෝජකයින් වෙත අනුමැතිය ලබා දීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.