• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම
- සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේදී රට තුළ වඩා යහපත් ආයෝජන වාතාවරණයක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වාණිජ කරුණු සම්බන්ධයෙන් දැනට පවතින අධික නඩු ප්‍රමාණය කඩිනමින් විසඳා අවසන් කිරීම තහවුරු කිරීම පිණිස නව වාණිජ මහාධිකරණයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ වාණිජ මහාධිකරණය කොළඹ 12, අධිකරණ මාවතේ අංක 80 දරන ස්ථානයෙහි ස්ථාපිත කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.