• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ටෙස් (පුද්ගලික) සමාගම වෙත මත්ස්‍ය පිරිසැකසුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඔලුවිල් ධීවර වරාය තුළ පහසුකම් ලබා දීම
- ඔලුවිල් ධීවර වරාය පරිශ්‍රයේ ප්‍රයෝජනයට නොගෙන පවතින මත්ස්‍ය පිරිසැකසුම් යන්ත්‍රාගාරය නැවත සක්‍රීය කරමින් මත්ස්‍ය පිරිසැකසුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා සීමාසහිත ටෙස් (පුද්ගලික) සමාගම වෙත ඔලුවිල් ධීවර වරාය තුළ පහසුකම් ලබා දීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති අදාළ බදු කුලිය මාසිකව අය කිරීමට යටත්ව, ඔලුවිල් වරාය සංකීර්ණයේ පිහිටි මත්ස්‍ය පිරිසැකසුම් ඒකකය සීමාසහිත ටෙස් (පුද්ගලික) සමාගම වෙත වසර 10ක කාලසීමාවක් සඳහා බදු පදනම මත ලබා දීම පිණිස ධීවර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.