• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබෙන පාරිභෝගික පැමිණිලිවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ විධිමත් කිරිම
- 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන යටතේ පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් මැදිහත් වීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නෛතික ප්‍රතිපාදන සලසා ඇත. එමෙන්ම, 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනත මගින් ස්ථාපිත මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා එක්ව වෙළෙඳපොළ වැටලීම් සිදු කරනු ලබයි. ඒ අනුව, පාරිභෝගික පැමිණිලි විමර්ශනය කර එහි තීන්දු ලබා දීමට වැය වන කාලය හා ශ්‍රමය අවම කර ගැනීමේ එක් වැදගත් පියවරක් වශයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීම සහ සාධාරණ වෙළෙඳ පිළිවෙත් සම්බන්ධයෙන් පාරිභෝගිකයින් හා නිෂ්පාදකයින් දැනුවත් කිරීමටත්, එකී පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන ක්‍රමවේදය කාර්යක්ෂම කිරීම උදෙසා එම කටයුතු විමධ්‍යගත කර දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට විධිවිධාන සැලැස්වීමටත්, විශේෂ වැටලීම් හා සම්බන්ධ කාර්යයන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් මඟින් සිදු කිරීමේ අරමුණින් ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් අදාළව සිය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙල වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.