• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා රජයේ ඉඩම් බදු පදනම මත ලබා දීම
- මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 219.72ක පමණ ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස වන යෝජනාව 2023 08 07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා ලද අතර, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධ තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නිර්දේශ මත අදාළ ඉඩම් ප්‍රමාණය තෝරාගනු ලබන පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයා වෙත උප බදු දීමට හැකි වන පරිදි අදාළ විධිවිධාන ද සහිතව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත වසර 25ක කාලයක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබා දීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.