• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන
- සමාජයේ ආබාධ සහිත දරුවන්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ඔවුන්ට පුළුල් රැකවරණයක් ලැබෙන බව සහතික කිරීම පිණිස, නීත්‍යානුකූල ආයතනයක් ලෙස පිහිටුවා ඇති හෝ සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා ක්‍රියාත්මක වන ඕනෑම නීතියක් යටතේ ලියාපදිංචි වී ඇති, රජයේ සෞඛ්‍ය සේවා/අධ්‍යාපන පද්ධතිය සමඟ එක්ව එවැනි දරුවන්ට සෞඛ්‍ය පහසුකම් ලබා දෙන ඕනෑම පුණ්‍ය ආයතනයකට බදු සහන ඉල්ලා සිටිය හැකි වන පරිදි දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම යෝග්‍ය බවට යෝජනා වී ඇත. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කරමින් දේශී ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.