• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේදී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 28වන සමුළුව
- දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 28වන සමුළුව (COP 28) 2023 11 30 දින සිට 2023 12 12 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එහිදී, දේශගුණික විපර්යාස හේතුවෙන් අනතුරට පාත්‍ර වීමේ වැඩි ඉඩක් පවතින රටවල් සමඟ එක්ව, සංවර්ධනය වෙමින් පවතින රටවල අපේක්ෂාවන් සම්බන්ධව පොදු හඬක් නැගීමට සහ ඒ සඳහා සංවර්ධනය වූ රටවල පොරොන්දු සහ වගකීම් ඉටු කිරීමට එම රටවල් යොමු කෙරෙන ආකාරයේ වාතාවරණයක් ඇති කිරීමට හැකි වන පරිදි "දේශගුණ විනිශ්චය සංසදය" (Climate Justice Forum) නමින් ව්‍යුහයක් ඇති කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 28වන සමුළුවට සහභාගි වන නියෝජිත කණ්ඩායමේ සක්‍රිය සහභාගිත්වය සඳහා රාජ්‍ය මණ්ඩපයක් (Country Pavilion) සමුළුව පැවැත්වෙන කාලය තුළ පවත්වාගෙන යාමටත්, දේශගුණික විපර්යාසවලට අදාළ වන ජාතික මට්ටමේ මූලාරම්භයන් එම මණ්ඩපයේ ප්‍රදර්ශනය කිරීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.