• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදිරි මාස හතරක (04) කාලය තුළ ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම
- 2023 11 01 දින සිට 2024 02 29 දින දක්වා වන ඉදිරි මාස හතරක (04) කාලය තුළ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 05ක් ඉදිරිපත් වී තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව M/s Petrochina International (Singapore) Pte. Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.