• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුතුරාජවෙල ආසන්න මුහුදේ ඛනිජතෙල් ගොඩබෑම සඳහා භාවිත කරනු ලබන නැංගුරම් බෝයාව සඳහා අවශ්‍ය අමතර කොටස් ප්‍රසම්පාදනය කිරීම
- මුතුරාජවෙල ආසන්න මුහුදේ ඛනිජතෙල් ගොඩබෑම සඳහා භාවිත කරනු ලබන නැංගුරම් බෝයාව සඳහා අවශ්‍ය මුහුදේ පාවෙන රබර් නල 26ක් සහ අදාළ අමතර කොටස් ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුව ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා එක් ලංසුවක් පමණක් ලැබී ඇත. එකී ලංසුව ඇගයීමට ලක් කළ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ M/s Yokahama Industrial Products Asia Pacific (Pte) Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.