• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ජෝර්ජියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලෙවන් මයික්ලඩ්සේ රාජ්‍යතාන්ත්‍රික පුහුණු හා පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම
- විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම, අධ්‍යයන කාර්යමණ්ඩලය හුවමාරු කර ගැනීම, සිසුන් හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් මෙන්ම ඉගැන්වීමේ ක්‍රමවේදයන් සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සහයෝගිතාව ඇති කර ගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ජෝර්ජියා විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ලෙවන් මයික්ලඩ්සේ රාජ්‍යතාන්ත්‍රික පුහුණු හා පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ අනුව, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 25ක් සම්පූර්ණ වීම සම්බන්ධයෙන් වන සංවත්සර උත්සවයට සමගාමීව එකී යෝජිත අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.