• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලෑ ගිනි ඇති වීම වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග
- මිනිසා විසින් වනාන්තර ආශ්‍රිතව සිදු කරන ගිනි තැබීම් නිසා විශේෂයෙන්ම වියලි කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවලදී කැලෑ ගිනි ඇති වීමේ අවදානම සීග්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී. බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, මොනරාගල, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය බහුලව දක්නට ඇත. මෙම වර්ෂය තුළ මේ දක්වා කැලෑ ගිනි ගැනීම් 150ක් පමණ වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් හෙක්ටයාර 2,600ක පමණ කැලෑ විනාශ වී ඇත. එබැවින්, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා වන රාජ්‍ය යාන්ත්‍රණයේ සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ගේ සහාය ලබා ගනිමින් කැලෑ ගිනි ඇති වීම වැළැක්වීම සහ ඇති වන ගිනි නිවා දැමීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිණිස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.