• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුලි වාහන එකලස් කිරීම දිරි ගැන්වීම
- බොහෝ ආසියාතික රටවල් විසින් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා ශුන්‍ය තීරු බදු (0%) අනුපාතයක් පැනවීමෙන් වඩාත් හිතකර ප්‍රවේශයක් අනුගමනය කරනු ලැබ තිබේ. එම ආකර්ෂණීය දිරිගැන්වීම මඟින් ආයෝජකයින් සහ නිෂ්පාදකයින් ආකර්ෂණය කර ගැනීම මෙන්ම අනාගත අපනයන විභවයන් කෙරෙහි යොමු වීමට හැකි වන අතරම පාරිසරික ආරක්ෂාව පිළිබඳව ගෝලීය නිර්ණායකයන්ට අනුගතව කටයුතු කිරීමට ද හැකි වනු ඇත. ඒ අනුව, දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය දිරිගැන්වීම අරමුණු කර ගෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ දැනට ගිවිසුම්ගතව පවතින හෝ අලුතින් ගිවිසුම්ගත වන සමාගම් විසින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක අවම ආයෝජනයක් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය සඳහා යොදවනු ලබන ආයෝජකයින්ට 500kW දක්වා බල ශ්‍රේණිගත කිරීමක් සහිත විදුලි වාහන, විදුලි ද්වි-රෝද රථ සහ 3000cc දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සඳහා නවීන අර්ධ වශයෙන් එකට එකතු කරන ලද (Semi-Knocked-Down/SKD) කට්ටල ආනයනය කිරීමේදී CIF අගය මත ශුන්‍ය තීරු බදු (0%) ගාස්තුවක් පැනවීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.