• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සඳහා කාරක සභා අවස්ථාවේදි සිදු කරන සංශෝධන
- සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) 2024-01-01 දින සිට අහෝසි කිරීම ඇතුළුව 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ ශක්තිමත් ක්‍රමවේදයක් නොමැතිව සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කළහොත් දැනට එම ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති පුද්ගලයින්ට විශේෂයෙන් අපනයනකරුවන්ට බරපතල මුදල් ප්‍රවාහ ගැටලුවලට මුහුණ පෑමට සිදු විය හැකි බවට අදාළ පාර්ශ්වයන් විසින් නියෝජනයන් ඉදිරිපත් කරනු ලැබ ඇත. එබැවින්, ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කිරීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට පෙනී ගොස් තිබේ. ඒ අනුව, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක වන දිනය 2025-04-01 ලෙස සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.