• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික කාන්තා කොමිෂම පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත
- කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය යන කටයුතු සඳහා නායකත්වය ලබා දීමට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම සාධාරණත්වය සහ සමානාත්මතාවය සම්බන්ධයෙන් වන ගැටලු සඳහා මැදිහත්වීමට විෂයභාර අමාත්‍යවරයා මඟින් පාර්ලිමේන්තුව වෙත අවශ්‍ය නිර්දේශ ලබා දීමට හැකි වන පරිදි ජාතික කාන්තා කොමිෂම නමින් ස්වාධීන කොමිෂමක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම සඳහා 2022-09-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති එකී පනත් කෙටුම්පත කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.