• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට ප්‍රවේශ වීම
- න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස 2021 දෙසැම්බර් මස 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2023 සැප්තැම්බර් මාසයේදී නිව් යෝර්ක්හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැස්වීමට සමගාමීව එකී ගිවිසුමට අදාළව පවත්වනු ලබන උත්සවයේදී ශ්‍රී ලංකාව විසින් න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු ඇමතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.