• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ කුවේට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
- විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කුවේට් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡාවලදී දෙරට අතර ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇත. ඒ අනුව, දෙරට අතර දේශපාලන, ආර්ථික සහ වෙනත් ක්ෂේත්‍රවල මිත්‍ර සබඳතා සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් 2023 සැප්තැම්බර් මාසයේදී නිව් යෝර්ක් නගරයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.