• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධාන පරිදි ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමයක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- දැනට පවතින තීරු බදු ව්‍යූහය අනුව නිමි භාණ්ඩ වශයෙන් ආනයනය කරනු ලබන මුද්‍රණ තීන්තවලට වඩා දේශීය මුද්‍රණ තීන්ත නිෂ්පාදකයින් විසින් තීන්ත නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඇතැම් අමු ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඉහළ බදු අනුප්‍රමාණයන්ට යටත් වන බැවින් දේශීය මුද්‍රණ තීන්ත නිෂ්පාදකයින්ට අවාසිදායක තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇත. එම තත්ත්වය නිවැරදි කිරීම පිණිස 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධාන පරිදි 2023-07-21 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.