• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක ඉදි කරනු ලැබ ඇති මහල් නිවාස සංකීර්ණය ඇතුළත් ඉඩම් කොටසක් කොළඹ විශ්වවිද්‍යාලය වෙත පවරා දීම
- නාරාහේන්පිට, කාලිංග මාවතේ පිහිටි නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණය සහිත හෙක්ටයාර 0.2761ක් පමණ වූ ඉඩම් කොටස කොළඹ විශ්වවිද්‍යාලය වෙත පවරා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එම මහල් නිවාස සංකීර්ණය ඇතුළත් ඉඩම් කොටස කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර පහසුකම් සැපයීම පිණිස ප්‍රයෝජනයට ගැනීම සඳහා නිදහස් දීමනාවක් වශයෙන් පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.