• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- ජපානයේ හිමිකාරිත්වය සහිත සිංගප්පූරු ආයතනයක් වන Groepo Pte Ltd (GPL) ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව, ක්ෂුද්‍ර නැනෝ බුබුළු තාක්ෂණය, කාබන් ෆයිබර් ජෛව පටල තාක්ෂණය සහ පරිසරයට හිතකර එන්සයිම භාවිත කරමින් බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම පිණිස නියමු ව්‍යාපෘතියක් රජයේ ආයතන කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි කටයුතු කිරීම පිණිස 2023-07-17 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, ව්‍යාපෘති ආයෝජක විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙරට සියලුම විශ්වවිද්‍යාලවල ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ විශේෂඥයින්ගෙන්, අදාළ සියලු පර්යේෂණ ආයතන සහ අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදු කිරීමට යටත්ව, වසර 05ක කාලයක් සඳහා යෝජිත නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඉන් අනතුරුව, අත්කර ගනු ලබන ප්‍රතිඵල මත පදනම්ව තවදුරටත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීරණයකට එළඹීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.