• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත
- අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශ සහගත හැසිරවීම් මඟින් සිදු වන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එම පනත් කෙටුම්පතේ III කොටසේ දැක්වෙන පරිදි පහත සඳහන් ක්‍රියාවන් මෙම පනතේ විධිවිධාන මඟින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත:

* ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම

* අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම

* අසත්‍ය ප්‍රකාශයක් මඟින් කැරැලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම

* අසත්‍ය ප්‍රකාශයක් මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම

* ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

* ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍රා කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම

* වංචා කිරීම

* අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම

* සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන් ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතාන්විතව ම නින්දා කිරීම

* කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම

* හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම

* ළමා අපයෝජනය

* වරදක් සිදු කිරීම සඳහා බොට් (bot) සෑදීම හෝ වෙනස් කිරීම

ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.