• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම 2023-2027
- ශ්‍රී ලංකාවේ ශ්‍රම විගමනය පිළිබඳ පළමු ප්‍රතිපත්තිය ජාතික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තිය වශයෙන් 2008 වර්ෂයේදී සකස් කරනු ලැබ ඇත. එම ප්‍රතිපත්තිය, අදාළ අමාත්‍යාංශ, විගමනික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, විදේශ රැකියා නියෝජිතායතන, පෞද්ගලික අංශය, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති, විද්වතුන්, පර්යේෂණ ආයතන හා සංවර්ධන හවුල්කරුවන්, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ඇතුළු ශ්‍රම විගමන අංශයේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගෙන නැවත සමාලෝචනය කර රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම 2023-2027 කෙටුම්පත් කරනු ලැබ තිබේ. ඒ අනුව, ජාතික හා ජාත්‍යන්තර නෛතික සහ ප්‍රතිපත්ති රාමුවලට අනුකූලව සකස් කරනු ලැබ ඇති එකී ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී සැලැස්ම 2023-2027 ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.