• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය විසින් කොමරෝස් සංගමය සහ සාඕ ටෝමේ හා ප්‍රින්සිපේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම
- එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් ස්වෛරී රාජ්‍ය 54ක් අප්‍රිකානු කලාපය සතුව පවතී. ඒ අතුරින් රටවල් 46ක් සමඟ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා ගෙන ඇති අතර, තවත් රටවල් 6කින් එකඟතාව අපේක්ෂාවෙන් සිටී. ඒ අනුව, අප්‍රිකානු කලාපයේ නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි දූපත් සමූහයකින් සමන්විත කොමරෝස් සංගමය සහ ගිනියා බොක්කෙහි පිහිටි අප්‍රිකානු දූපතක් වන සාඕ ටෝමේ හා ප්‍රින්සිපේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.