• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරුළපන, ඩී.එම්.කොළඹගේ මාවතෙහි පිහිටි ඉඩම් කොටසක් වරකාගොඩ ශ්‍රී ඤාණරතන සමාජ සුභසාධන පදනම වෙත ලබා දීම
- කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවත්වන ජාතික හා ආගමික උත්සව ඇතුළු අනෙකුත් අවශ්‍යතාවන් සඳහා දුරබැහැර ප්‍රදේශවල සිට වැඩම කරනු ලබන ස්වාමින් වහන්සේලාට නවාතැන් පහසුකම් සපයා ගැනීම පිණිස නිල ආරාමයක් ඉදිකිරිමට සුදුසු බිම් කොටසක් ලබා දෙන ලෙස මහනුවර අස්ගිරි මහා විහාරයේ මහානායක ස්වාමින් වහන්සේ විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ සඳහා කිරුළපන, ඩී.එම්.කොළඹගේ මාවතෙහි පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු පර්චස් 27ක ඉඩම් කොටසක් හඳුනාගෙන ඇති අතර, එකී ඉඩම් කොටස භික්ෂු ආරාමයක් ඉදි කිරීම සඳහා වරකාගොඩ ශ්‍රී ඤාණරතන සමාජ සුභසාධන පදනම වෙත නිදහස් දීමනා පත්‍රයක් මඟින් පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.