• Increase font size
  • Default font size
  • Decrease font size

2023-09-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෘත්තීය මාර්ගෝපදේශනය තුළින් තෘතියික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම
- අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය අවසන් කරනු ලබන ශිෂ්‍යයන් අ.පො.ස. (උසස් පෙළ) අධ්‍යයන කටයුතු ආරම්භ වන තෙක් හෝ අ.පො.ස. (උසස් පෙළ) විභාගය අවසන් කරන ශිෂ්‍යයන් වෘත්තීය අධ්‍යාපනයට යොමු වන තෙක් පාසල් පද්ධතිය තුළ රඳවා ගනිමින් වෘත්තීය අධ්‍යාපනට අදාළ මූලික ක්ෂේත්‍ර පහක් ආවරණය වන පරිදි විෂය මාලාවක් සම්පූර්ණ කිරීම පිණිස ඔවුන් සඳහා අවස්ථාව සලසා දීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇත. වෘත්තීය අධ්‍යාපනය සඳහා පොදුවේ වැදගත් වන තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන වශයෙන් ද ඊට සමගාමීව මෘදු කුසලතා වර්ධනය කිරීම ද එකී වැඩසටහන මඟින් අපේක්ෂා කරනු ලබයි. ප්‍රථමයෙන්, යෝජිත වැඩසටහන නියමු ව්‍යාපෘතියක් වශයෙන් දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරා ගත් පාසල් 320ක මාස 3 - 4ක කාලසීමාවක් සඳහා ක්‍රියාත්මක කිරීමටත්, ඉන් අනතුරුව නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත 2024 වර්ෂයේ සිට එම ව්‍යාපෘතිය ජාතික වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.