• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- ඉන්දියාවේ දිල්ලි හා ට්‍රිචි ජාත්‍යන්තර ගුවන්තොටුපොළවලදී, චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සහ කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශිත පරිදි අදාළ ප්‍රසම්පාදනයන් පිළිවෙලින් පහත සඳහන් ලංසුකරුවන් වෙත පිරිනැමීම පිණිස ගරු වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* Celebi Airport Services India Pvt. Ltd.
* Bird Airport Services (Trichy) Pvt. Ltd.
* Beijing Aviation Ground Services Company Limited
* National Aviation Services W.L.L.