• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් රාජධානියේ, ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපොළේදී සහ සිංගප්පූරුවේ, චැන්ගි ගුවන්තොටුපොළේදී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගමේ ගුවන්යානා සඳහා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- එක්සත් රාජධානියේ ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපොළේදී සහ සිංගප්පූරුවේ චැන්ගි ගුවන්තොටුපොළේදී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගමේ ගුවන්යානා සඳහා ඉන්ධන සපයා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් බැගින් ලැබී ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි ‍සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කළ Shell Markets (Middle East) Limited වෙත ඉහත සඳහන් ගුවන්තොටුපොළවලදී ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගමේ ගුවන්යානා සඳහා ඉන්ධන සපයා ගැනීම පිණිස වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ගරු වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.