• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥාපනත යටතේ (451 වන අධිකාරය වූ) ප්‍රකාශයට පත් කර ඇති නියෝග සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම
- 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥාපනත යටතේ (451 වන අධිකාරය වූ) පනවන ලද, අංක 2346/02 සහ 2023-08-21 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2023 අංක 01 දරන දැව, කැලෑ ගස් වර්ගවල බීජ හා වෙනත් වන නිෂ්පාදන අපනයන නියෝග, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.