• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට බිත්තර ලබා දීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කිරීම
- දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය කිරීමේ අරමුණින් රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කර දේශීය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දියාවේ සමාගම් 03කින් මිල ගණන් කැඳවා ඇත. එකී මිල ගණන් මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සැලකිල්ලට ගෙන රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ඉදිරි මාස 03ක කාලයක් සඳහා බිත්තර මිලියන 92.1ක ප්‍රමාණයක් ප්‍රසම්පාදනය කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.