• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ පනවන ලද නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමා විසින් නිකුත් කරනු ලැබ ඇති පහත සඳහන් නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* අංක 2334/47 දරන 2023-06-02 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ ඇති 2023 අංක 01 දරන කොළඹ වරාය නගරය (සංවර්ධන පාලන) නියෝග.

* අංක 2339/31 දරන 2023-07-07 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2023 අංක 01 දරන කොළඹ වරාය නගරය (ව්‍යාපාර කටයුතුවල නිරත වන බලයලත් තැනැත්තන්) නියෝග.