• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රේගු ආඥාපනතේ 107අ වගන්තිය යටතේ වූ නියෝග ඉදිරිපත් කිරීම
- විගමනික ශ්‍රමිකයින්ට නීත්‍යානූකූල මාර්ග ඔස්සේ මෙරටට ප්‍රේෂණ එවීම සඳහා දිරිගැන්වීම් ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2022-08-01 දින අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ප්‍රදානය කරනු ලැබ ඇති දිරිගැන්වීම් බලාත්මක කිරීම පිණිස රේගු ආඥාපනතේ 107අ වගන්තිය යටතේ "2023 අංක 01 දරන මගීන්ගේ ගමන් බඩු (නිදහස් කිරීම් - මෙරටට ඇතුල් වන) නියෝග" මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිතුමා විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. රේගු ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.