• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ රේගු ආනයන බද්ද සංශෝධනය කිරීම සඳහා නියමයන් 03ක් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළෙඳපොළ මිල ස්ථාවර කිරීම හා දේශීය ගොවීන් සඳහා පහසුකම් සැලසීම සඳහා වන රජයේ ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 04ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිතුමා විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියමයන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.