• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2024 ජනවාරි සිට අඛණ්ඩව ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සැපයුම සුරක්ෂිත කිරීම - ලිට්‍රො ගෑස් ලංකා සමාගම
- ලිට්‍රො ගෑස් ලංකා සමාගම වෙත එල්පී ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්න්‍රාත්තුව 2023-12-31 දිනෙන් අවසන් වීමට නියමිතව ඇති අතර, 2024-2025 කාලසීමාව සඳහා එල්පී ගෑස් සැපයීම සඳහා මේ වන විට ලංසු කැඳවා තිබේ. එහෙත්, ලිට්‍රො ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බැවින් නව ගිවිසුම්වලට එළඹීම එකී ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇත. එබැවින්, 2023-12-31 දිනෙන් පසු ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිම වන තෙක් බාධාවකින් තොරව එල්පී ගෑස් සපයා ගැනීම පිණිස රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්හි විධිවිධාන පරිදි නැවත ඇණවුමක් වශයෙන් දැනට ක්‍රියාත්මකව පවතින කාලීන කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.