• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු සාගර වටද්දර රටවල සංවිධානයේ 23 වන අමාත්‍ය කවුන්සිලයේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා සත්කාරකත්වය
- ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානය 1995 දී ආරම්භ කරනු ලැබ ඇති අතර, වර්තමානයේ සාමාජික රටවල් 23කින් සමන්විත වේ. මෙම සංවිධානයේ 25 වන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ කමිටුවේ රැස්වීම 2023-10-09 හා 2023-10-10 දිනයන්හිදීත්, 23 වන අමාත්‍ය කවුන්සිලයේ රැස්වීම 2023-10-11 දිනයේදීත් කොළඹදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත. අමාත්‍ය කවුන්සිලයේ රැස්වීමේදී 2023 සිට 2025 දක්වා කාලසීමාව සඳහා ඉන්දියානු සාගර වටද්දර රටවල සංවිධානයේ සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් භාර ගැනීමට නියමිත බවත්, එකී කාලසීමාව තුළදී "කලාපීය පදනම ශක්තිමත් කිරීම: ඉන්දීය සාගර අනන්‍යතාවය බලගැන්වීම" යන තේමාව තෝරාගනු ලැබ ඇත. විදේශ කටයුතු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද එම තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.