• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා විදුලිබල මණ්ඩලය සහ ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය අතර තාක්ෂණික සහයෝගිතාව සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ලංකා විදුලිබල මණ්ඩලය 2018 වර්ෂයේ සිට ජපන් විදුලිබල තොරතුරු මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලබන අතර 2019 වර්ෂයේදී තාක්ෂණික සහයෝගිතා වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. එලෙස කටයුතු කිරීම මඟින් ඇති කර ගනු ලැබ ඇති සහයෝගීතාව මත පදනම්ව බහුවිධ දැනුම හුවමාරු වැඩසටහන්වල නිරත වීමට හැකි වන පරිදි 2023 වර්ෂයේ සිට තාක්ෂණික සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇත. ඒ සඳහා වන යෝජිත තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ කෙටුම්පත් අවබෝධතා ගිවිසුම නීතිපතිතුමාගේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරීක්ෂණ අනුව සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.