• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාගරික සංවර්ධන අධිකාරියට අයත් දඹුල්ලේ පිහිටි ඉඩම් කොටසක් කෘෂි ආශ්‍රිත ගුදම් හා කර්මාන්ත ව්‍යාපෘතියක් සඳහා ලබා දීම
- නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පුද්ගලික අංශයේ ආයෝජකයින් වෙතින් තරඟකාරී පදනම මත ආයෝජන යෝජනා කැඳවීම පිණිස 2020-10-19 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවක් අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි රූඩ් 03 පර්චස් 17.75ක ඉඩම් කොටසක් කෘෂි ආශ්‍රිත ගුදම් හා කර්මාන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බදු පදනම මත ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව විසින් අනුමත කර තිබේ. ඒ අනුව, එකී ඉඩම් කොටස වසර 30ක කාලසීමාවක් සඳහා Dambulla Agro Cool Holdings (Pvt) Ltd. වෙත බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.