• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෙදගම පාරම්පරික වෛද්‍ය ගම්මානයේ වෛද්‍යවරුන් සඳහා ඔප්පු ලබා දීම
- පාරම්පරික හෙළ වෙදකමේ නියැළී සිටි වෛද්‍යවරුන්ගේ සේවය ඇගයීමට, හෙළ වෙදකම නගා සිටුවීමට සහ විවිධ ක්ෂේත්‍ර සඳහා කුසලතා දක්වන වෛද්‍යවරුන්ගේ සේවය එකම ස්ථානයකදී ලබා ගැනීමට හැකි වන පරිදි දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වෙදගම ආදර්ශ ගම්මානය පිහිටුවා තිබේ. එම ගම්මානය තුළ පාරම්පරික වෛද්‍යවරුන් 25 දෙනෙකු සඳහා එක් අයෙකුට අක්කරයකට ආසන්න භූමි ප්‍රමාණය බැගින් ඉඩම් වෙන් කර දී ඇති අතර, මෙතෙක් ඔවුන්ට අදාළ ඉඩම්වල අයිතිය පවරා දීමක් සිදුව නොමැත. එම ඉඩම් සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් නමින් සින්නක්කර ඔප්පුවක් පැවතීම එම ඉඩම්වල අයිතිය පාරම්පරික වෛද්‍යවරුන් වෙත පැවරීමට ප්‍රධාන වශයෙන් බාධාවක් වී ඇත. අදාළ ඉඩම් පාරම්පරික වෛද්‍යවරුන් වෙත පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව කටයුතු කරමින් අදාළ ඉඩම් සඳහා විධිමත් දීමනා පත්‍ර ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.