• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටාර්හි, දෝහා හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සහ කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා කටාර්හි, දෝහා හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සහ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පවතින ගුවන්යානා ඉන්ධන සැපයුම් කොන්ත්‍රාත්තු 2023 10 31 වන දිනෙන් අවසන් වීමට නියමිතය. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව එම ගුවන් තොටුපොළවල් 02හි සිටින එකම ගුවන්යානා ඉන්ධන සැපයුම්කරුවන් වන Qatar Fuel Company සහ Kuwait Aviation Fuelling Company (KAFCO) යන සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි කටාර්හි, සෘජු කොන්ත්‍රාත් වශයෙන් දෝහා හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සහ කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා සඳහා ඉන්ධන සැපයුම්කරුවන් වෙත මාස 24ක කාලයක් සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.