• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
- මගී මෝටර් රථ සහ ඇතැම් තෝරාගත් භාණ්ඩ සඳහා ආනයන සීමා කිරීම් තවදුරටත් පවත්වා ගනිමින්, ආනයන සීමා කිරීම සඳහා පනවන ලද 2023 අංක 02 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි මඟින් තාවකාලිකව ආනයනය අත්හිටුවා ඇති තවත් භාණ්ඩ ගණනාවකට අදාළ ආනයන සීමා කිරීම් ඉවත් කිරීමට අදාළ පාර්ශ්වයන් සමඟ පැවති සාකච්ඡාවලදී එකඟතාවකට එළඹ තිබේ. ඒ සඳහා විධිවිධාන සලසමින් 2023 අංක 11 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, 2023 07 20 දිනැති අංක 2341/38 දරන අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ අනුව, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ විධිවිධාන පරිදි එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.