• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීම
- සුළු අපනයන බෝගයක් වශයෙන් විදේශ විනිමය ඉපැයීම සඳහා කුරුඳු බෝගය සපයන දායකත්වය සැලකිල්ලට ගෙන, එකී බෝගය වාණිජ බෝගයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව 2023 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවක් මඟින් ගරු ජනාධිපතිතුමා විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව, කුරුඳු නිෂ්පාදනය සහ අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, කුරුඳු නිෂ්පාදනවල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම, අගය එකතු කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය වැනි කටයුතු සඳහා කුරුඳු වගාකරුවන්, සැකසුම්කරුවන් මෙන්ම අපනයනකරුවන් වෙත අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.