• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ඵලදායීතා කොමිෂන් සභාව පිහිටුවීම
- පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වන බලපෑම් අවම කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ මඟින් අත්කර ගනු ලබන ප්‍රතිලාභ උපරිම තලයකට ගෙන ඒම සහ එම ප්‍රතිසංස්කරණවල මධ්‍යම හා දිගුකාලීන තිරසරභාවය තහවුරු කිරීම පිණිස ආර්ථිකයේ සෑම අංශයකම ඵලදායීතාව වර්ධනය කළ යුතුව තිබේ. එහෙත්, ඵලදායීතාව හා සම්බන්ධ ගැටලු පිළිබඳව විධිමත්ව කටයුතු කිරීම සඳහා නීතිමය වශයෙන් වගකිව යුතු ආයතනයක් මෙරට ක්‍රියාත්මක නොවේ. එබැවින්, ඵලදායීතාව හා සම්බන්ධ ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා සහ පර්යේෂණ මතින් ගොඩනැගෙන සාක්ෂි සහ දත්ත මත පදනම්ව ප්‍රතිපත්ති නියමයන් රජය වෙත නිර්දේශ කිරීම සඳහා ස්වාධීන ආයතනයක් වශයෙන් ජාතික ඵලදායීතා කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත ජාතික ඵලදායීතා කොමිෂන් සභාවේ ආයතනික ව්‍යුහය තීරණය කිරීම, එකී කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය සහ එම කොමිෂන් සභාව ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනත් කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.