• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම් බලාත්මක කිරීම
- ජාතික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බවට තීරණය කරනු ලබන ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම්වලට එළඹීමෙන් අනතුරුව, අදාළ පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් තොරව එකී ගිවිසුම්වලින් බැහැර නොවීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කරමින් නීති පැනවිය යුතු බවට 2023-05-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.