• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතේ විධිවිධාන පරිදි සකස් කරන ලද මාර්ගෝපදේශ
- 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 11(ඇ) වගන්තියේ විධිවිධාන පරිදි එම කාර්යාලයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට අදාළව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ඇතුළත්ව අදාළ රීති සහ මාර්ගෝපදේශ කලින් කල නිකුත් කළ යුතු වේ. ඒ අනුව, නීතිපතිතුමා විසින් ලබා දී ඇති නිරීක්ෂණ සහ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් අදාළ මාර්ගෝපදේශ සකස් කරනු ලැබ ඇති අතර අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ එකී මාර්ගෝපදේශ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.