• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහය (101 අධිකාරය) සඳහා වන සංශෝධන (පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ)
- 2017 අංක 8 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත මඟින් හඳුන්වා දුන් පූර්ව නඩු විභාග කටයුතු පිළිබඳ නව විධිවිධාන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ඇති වී ඇති ගැටලු සහ අභියෝග සඳහා පිළියම් යෙදීමටත්, නීති කෘත්‍යයන් කඩිනම් කිරීම සහ විනිශ්චය ලබා දීමට ගත වන කාලය අඩු කිරීමටත් හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස 2021-09-27 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ පනත් කෙටුම්පත සකස් කරනු ලැබ තිබේ. එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.