• Increase font size
  • Default font size
  • Decrease font size

2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂ සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඒකාබද්ධ ක්‍රමෝපායික සන්නිවේදන වැඩසටහන
- ගෝලීය හා කලාපීය වශයෙන් එල්ල වන අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන පරිදි ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගනිමින් නිවැරදි විදේශ ප්‍රතිපත්තියක් තුලනාත්මකව කළමනාකරණය කර ගැනීම පිණිස ක්‍රමෝපායික සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජාතික අභිලාෂ සහ ජාත්‍යන්තර ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව සන්නිවේදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.